ගුවන් බාලදක්ෂ මුර සංචාර නායකත්ව පුහුණු කඳවුරක් පවත්වන ලදී

ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායම විසින් 2023 මාර්තු 24 සිට 26 වන දින දක්වා කොළඹ 8,තන්නියාගම් දෙමළ පාසලේදී මුර සංචාර නායකයින් පුහුණු කිරීමේ කඳවුර  පවත්වන ලදී. මෙම කඳවුර සදහා ජ්‍යෙෂ්ඨ බාලදක්ෂයින් 44 දෙනෙකු සහ උපදේශකයින් 10 දෙනෙකු සහභාගී විය.

බාලදක්ෂ යාත්‍රා, ප්‍රථමාධාර, සිතියම් කියවීම, ආහාර පිළියෙළ කිරීම , එළිමහනේ ජීවත්වීම සඳහා මූලික කුසලතා, සනීපාරක්ෂාව සහ පිහිනීම ඇතුළු විවිධ ක්ෂේත්‍රවල බාලදක්ෂයින්ගේ කුසලතා සහ දැනුම වර්ධනය කිරීම මෙම පුහුණුවේ අරමුණ විය. ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ සභාපති ගෲප් කැප්ටන් පමින්ද ජයවර්ධන සහ ජාතික බාලදක්ෂ මූලස්ථාන කොමසාරිස් සහ ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ කණ්ඩායමේ ලේකම් ගෲප් කැප්ටන් රජීව් පාගොඩ යන නිළධාරීන්ගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

ගුවන් හමුදා ගුවන් බාලදක්ෂ නියෝජ්‍ය සභාපති එයාර් කොමඩෝර් සුජීව පොන්නම්පෙරුම සහ කොළඹ දිස්ත්‍රික් සහකාර කොමසාරිස් සහ ජ්‍යෙෂ්ඨ ගුවන් බාලදක්ෂ උපදේශක රෝහිත ස්ටේන්වෝල්, ජාතික බාලදක්ෂ මූලස්ථානයේ උපදේශක නීල් නන්දසිරි මහතා, උපදේශක නිමල් ප්‍රනාන්දු සහ උපදේශක මිරාල් ආරියපාල යන සුදුසුකම් ලත් ආරාධිත කථිකාචාර්යවරුන් සිව් දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පුහුණු කඳවුර පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.