පානදුර වෙරළ තීරයේ සෙවීම් සහ මුදාගැනීමේ (SAR) අභ්‍යාසයක් පවත්වන ලදී

අංක 07 බලඝණය සහ අංක 04 සෙවීම් සහ මුදවාගැනීම් පුහුණු කිරීමේ රෙජිමේන්තු විශේෂ බලකා (RSF) භට පිරිස් සමඟ එක්ව  සෙවීම් සහ මුදාගැනීමේ (SAR‍) අභ්‍යාසයක් 2023 මාර්තු 29වන දින පානදුර වෙරළ තීරයේ පවත්වන ලදී.

මෙම අභ්‍යාසය ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණයේ බෙල් 212 හෙලිකොප්ටරයක සහභාගීත්වයෙන් රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල සමග එක්ව පවත්වන ලද අතර මෙම පුහුණු අභ්‍යාසය සඳහා ගුවන් නියමුවන්, රෙජිමේන්තු විශේෂ බලකා භටයන් සහ ගුවන් අවිකරුවන් සහ උපදේශකයින් සහභාගී වූහ. මෙම මුදවාගැනීමේ අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේගවත් ක්‍රියාදාම යාත්‍රා බලඝණය, නාවික හමුදාවේ කිමිදුම් නිලධාරීන් එක්ව සිටියහ.

වින්ච් ඔපරේෂන් සහ කඹ ආධාරයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් මෙම පුහුණු වැඩසටහනට ඇතුළත් කර ඇති අතර ගංවතුර තත්ත්වයන්හිදී සහ මුහුදේදී විපතට පත් වූ පුද්ගලයින් සෙවීමට සහ මුදවාගැනීම සදහා මෙම ක්‍රමය උපයෝගී වේ.රටේ ඇතිවන ආපදා තත්වයන්ට මුහුණදීම සදහා ගුවන් හමුදාවේ බොහෝ කදවුරුවල රෙජිමේන්තු විශේෂ බලකා භටයන් මෙන්ම හෙලිකොප්ටර් බළඝණ ද ස්ථාන ගතකර ඇත.

ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න සහ ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන නිළධාරීතුමන්ගේ මගපෙන්විමකට අනුව, අංක 7 හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සමීර විදානපතිරණ සහ රෙජිමේන්තු විශේෂ බළකායේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සුමිත් බණ්ඩාර නිළධාරීතුමන් දෙපළගේ අධීක්ෂණය යටතේ මෙම පුහුණු අභ්‍යාසය පැවැත්විණි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.