ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 54 වැනි අදියර දියතලාවේදී සාර්ථකව අවසන් කරන ලදි.

'ගුවන් මිතුදම්' ව්‍යාපෘතියේ 54 වන අදියර 2023 මාර්තු 31 වන දින බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි බී/කහටරුප්ප මහා විද්‍යාලයේදී සාර්ථකව අවසන් කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීමකට අනුව  දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසින් මෙම ව්‍යාපෘතිය නිම කරන ලදී.

ආසන්න වශයෙන් සිසුන් 600 ක් පමණ අධ්‍යාපනය ලබන මෙම පාසලේ පන්ති කාමර හතරකින් සමන්විත ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලදී. තවද, අතහැර දමා තිබූ ළමා උද්‍යානය ද නවීකරණය කර දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු වජිර සේනාධීර මහතා විසින් බී/කහටරුප්ප මහා විද්‍යාලයේ සිසුන් වෙත භාර දෙන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලැබුවේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල විසිනි.මෙම උත්සවය සඳහා  නිළධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම විද්‍යාලයේ විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.