ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරක්ෂක සේවා ක්‍රීඩා ගොල්ෆ් ශූරතාව දිනා ගන්නා ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගොල්ෆ් ක්‍රීඩකයින් 2023 අප්‍රේල් 03 වන දින ත්‍රිකුණාමලය  චීන වරායේ ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස් හි පැවති ආරක්ෂක සේවා ක්‍රීඩා ගොල්ෆ් තරඟාවලියේ ශූරතාවය දිනා ගන්නා ලදී.

මෙවර ආරක්‍ෂක සේවා ගොල්ෆ් තරගාවලිය සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සත්කාරකත්වය දරන ලදී. තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් සහභාගී විය.

ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම තරගාවලිය එදින උදෑසන ආරම්භ කරන ලදී. ආරක්ෂක සේවා විවෘත ගොල්ෆ් ඉසව්ව පිරිමි අංශයේ ඉහළම ලකුණු ලබා ගැනීමට නායක ගුවන් භට විජේනායක ජී.ඩබ්ලිව්.ඒ.ජේ.සමත් විය. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිරිමි සහ කාන්තා අංශයේ ශූරතා දෙකම හිමිකර ගන්නා ලදී.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.