ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය 62 වන සංවත්සරය සමරයි

අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්ඩීඡීඑම් සිල්වා නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය 2023 අප්‍රේල් 03 වන දින සිය 62 වන සංවත්සරය සමරන ලදී. පෙළපාළි චතුරශ්‍රයේ පැවති චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් දින වැඩසටහන ආරම්භ කෙරුනු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හොඳම කෘෂිකාර්මික ව්‍යාපෘති තරඟයේ දෙවන අනුශූරතාවය ලබා ගැනීමට දායක වූ පිරිස් මෙන්ම 2022 ශ්‍රී ලංකා ගුවන් හමුදා විශිෂ්ඨතා සම්මාන උළෙලේදී විද්‍යාපීඨය නියෝජනය කරමින් විශිෂ්ට දස්කම් දැක්වූ පිරිස් ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු කරන ලදී.සැමරුම් උත්සවයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් සහ ක්‍රීඩා උළෙලක් ද පවත්වන ලදී.

20 වැනි සියවසේ මුල් භාගයේදී බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය පිහිටුවන ලද්දේ ස්ථීර ගුවන් කඳවුරක් ලෙසය.1988 දී, ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර, චීන වරාය ලෙස නම් කරන ලද අතර එය 2009 දක්වා උතුරු හා නැගෙනහිර සිදු කරන ලද සියලුම මෙහෙයුම් සඳහා දායක වූ ප්‍රධාන කඳවුරක් බවට පත්විය.

2009 දී මානුෂීය මෙහෙයුම් අවසන් වීමෙන් පසු අංක 1 පියාසර පුහුණු පක්‍ෂාංගය චීන වරායේ නැවත පිහිටුවන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු චීන වරාය 2010 ජනවාරි 01 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය ලෙස නම් කරන ලදී. වර්තමානයේ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රමුඛතම පුහුණු පාසලක් ලෙස ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨය කටයුතු කරනු ලබයි..

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.