ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය 65 වැනි සංවත්සරය සමරනු ලබයි

කටුනායක ගුවන් හමුදා කඳවුරේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ ඉංජිනේරු පක්ෂාංගය සිය 65 වැනි  සංවත්සරය 2023 අප්‍රේල් 01 වන දින අභිමානවත් ලෙස සමරන ලදී.සංවත්සර දිනයට සමගාමීව සම්ප්‍රදායික වැඩ පෙළපාලිය වත්මන් අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එම්ඒඑස් හේෂාල් නිළධාරිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පක්‍ෂාංගයේ නිලධාරීන් සහ සෙසු නිළයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලද අතර මොහොසු ළමා සංවර්ධන මධ්‍යස්ථානයේදී ප්‍රජා සේවා ව්‍යාපෘතියක් ද පවත්වන ලදී.

ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ජූඩ් පෙරේරා නිළධාරිතුමනගේ සහභාගීත්වයෙන් සංවත්සර දිනයට සමගාමීව පක්ෂාංග පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී. අනතුරුව නිළධාරින්, සෙසු නිළයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය එක්ව ක්‍රිකට් තරගාවලියක් ද පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.