12 වන ආරක්ෂක සේවා තුන්පෙළ ශූරතාවලිය 2023

12 වන ආරක්ෂක සේවා තුන්පෙළ ශූරතාවලිය 2023 අප්‍රේල් 04 වන දින ශ්‍රී ලංකා නාවික හමුදා - වළගම්බා, තිරියාය කඳවුරු පරිශ්‍රයේදී පැවැත්වුණු අතර  සම්මාන ප්‍රධානෝත්සවය එම ස්ථානයේදීම පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර නාවික  ආඥාපති, රියර් අද්මිරාල් එච්.ජී.යූ.ඩී.කුමාර නිළධාරිතුමන් සහභාගීවිය.

ශූරතාවලිය සදහා පිහිනුම් (මීටර් 750), බයිසිකල් තරගය (කි.මී. 20) සහ අවසානයේ දිවීම (කි.මී. 5) යන ඉසව් තුනක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ජල ක්‍රීඩිකාවන් තුන්පෙළ කාන්තා කණ්ඩායම සමස්ත ශූරතාව දිනාගත් අතර, තනි පුද්ගල රන් පදක්කම නායක ගුවන් කාන්තා දසනායක  විසින් දිනා ගන්නා ලද අතර ලෝකඩ පදක්කම  නායක ගුවන්  කාන්තා ද සිල්වා විසින් හිමිකර ගන්නා ලදී.

මෙම අවස්ථාවට ගුවන් හමුදා ජල ක්‍රීඩා සභාපති එයාර් කොමඩෝර් දේශප්‍රිය සිල්වා මහතා සහ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.