ශ්‍රි ලංකා ගුවන් හමුදා මොරවැව කඳවුර 2023 යල කන්නයේ වී වගාව ආරම්භ කිරීම සංකේතවත් කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුර මගින් 2023 අප්‍රේල් 05 වන දින මහා කන්නයේ අස්වනු නෙළන ලද වී යොදා ගනිමින් ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි පරිශ්‍රය වෙත වාර්ෂික "කිරි ආහාර පූජාව" පවත්වන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ මගපෙන්වීමකට අනුව, අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් හේමන්ත බාලසූරිය ගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන පැවැත්විණි. මෙම අවස්ථාවට සදහා නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

මේ අතර ආශිර්වාද පතා "ගණේෂ දෙවියන්ට" විශේෂ දානමය පිංකමක් පවත්වන ලදී.මෙම උත්සවය ඉඳිවැව කඳවුරේ පිහිටි කෝවිල් පරිශ්‍රයේදී අණදෙන නිළධාරී ඇතුළු සියලුම නිලයන් ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි."යල" කන්නයේ දී ශ්‍රී ලංකාවේ ජාතික ආහාර සුරක්ෂිතතා ක්‍රියාවලියට සහය වන අතරම ගුවන් හමුදා සාමාඡිකයින්ගේ සහ සිවිල් සේවකයින්ගේ සහල් ඉල්ලුමට සරිලන පරිදි පාරම්පරික වී වර්ග සමඟ කුඹුරු අක්කර 75 ක් වගා කිරීමට සැලසුම් කර ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.