රෙජිමේන්තු විශේෂ බලකාය විසින් සෙවීම් සහ මුදාගැනීමේ (SAR‍) අභ්‍යාසයක් පවත්වනු ලබයි

2023 අප්‍රේල් 01 වන දින සිට 2023 අප්‍රේල් 07 වන දින දක්වා ඉහළ උන්නතාංශවල සෙවීම් සහ මුදවාගැනීමේ (SAR) අභ්‍යාසයක් අංක 4 සෙවීම් සහ මුදාගැනීමේ පුහුණු පාඨමාලාවේ රෙජිමේන්තු විශේෂ බලකා (RSF) භට පිරිස් විසින් පවත්වන ලදී.මෙම අභ්‍යාසය ගුවන් හමුදා මොරවැව කඳවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින් බොරලන්ද, ඔහිය,හෝටන් තැන්න, පට්ටොයිපොල, ඩයගම, අඹේවෙල සහ පිදුරුතලාගල යන පොදු ප්‍රදේශවලදී පවත්වන ලදී.

ස්වභාවික විපත්වලදී මානව ආධාර සහ ආපදා සහන  මෙහෙයුම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ඇතුළුව ඉහළ උන්නතාංශවල අනාගත මෙහෙයුම් සිදු කිරීමට අවශ්‍ය වෘත්තීයභාවය සාක්ෂාත් කර ගැනීම සඳහා අභ්‍යාසය පවත්වන ලද අතර භූමි සංචලනය, GPS හැසිරවීම, සටන් ප්‍රථමාධාර සහ ප්‍රදේශවල දේශගුණික දිශානතිය සමඟ ඉහළ උන්නතාංශවල සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් මෙම අභ්‍යාසයට ඇතුළත් විය.

ගොඩබිම් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් වරුණ ගුණවර්ධන සහ පුහුණු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ නිළධාරිතුමන් දෙපළගේ මගපෙන්වීමකට අනුව, රෙජිමේන්තු විශේෂ බලකා පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් සුමිත් බණ්ඩාර නිළධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම අභ්‍යාසය සිදුකරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.