‘නුවරඑළිය ලේක් ක්‍රොස් - 2023’ තරගාවලියේ ගුවන් හමුදා ධාවකයින් දස්කම් දක්වයි

2023 අප්‍රේල් 16 වන දින නුවරඑළිය හිල් ක්ලයිම්බ් මෝටර් රථ ධාවන පථයේ පැවති ‘නුවරඑළිය ලේක් ක්‍රොස් - 2023’ තරඟාවලියට සහභාගී වූ තරඟකරුවන්ට එරෙහිව තරඟ කරමින් දක්ෂතා දැක්වීමට සහ ජයග්‍රහණ ලබා ගැනීමට ගුවන් හමුදා ධාවකයින්ට හැකි විය.

ගුවන් හමුදාව නියොඡනය කරමින් ආධුනික ඩී.එම්.ඩී කල්හාර ශූරතාව දිනාගත් අතර පිළිවෙළින් ධාවන 125 සී.සී සහ 250 සී.සී. ඉසව්වල පළමු අනුශූරයා විය.තවත් ගුවන් හමුදා ධාවකයෙකු වන සැරයන් ජයම්පති දිසානායක, ස්ටෑන්ඩර්ඩ් මොඩිෆයිඩ් 250 සීසී මෝටර් බයිසිකල් ඉසව්වේ පළමු තරඟයේ පළමු අනුශූරතාවය සහ දෙවන තරඟයේ දෙවන අනුශූරතාවය ලබා ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.