"නැකතට පැළයක්" ජාතික රුක් රෝපණ වැඩසටහනක් පවත්වනු ලබයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ මගපෙන්වීමකට අනුව 2023 අප්‍රේල් 20 වන දින "නැකතට පැළයක්" ජාතික රුක් රෝපණ වැඩසටහනක් පවත්වන ලදී.

කෘෂි අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එරන්දික ගුණවර්ධන මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර කටුනායක ගුවන් හමුදා කඳවුරේ කෘෂි ඒකකයේ භූමි ප්‍රදේශයේ රඹුටන් සහ අඹ පැල සිටුවීමද මෙහිදී සිදු කරන ලදී. මෙම අවස්ථාවට එයාර් කොමදෝරු එස්.ආර්. උඩුකුඹුර මහතා ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.