අංක 171 ගිනි නිවීමේ මූලික වෘත්තීය පුහුණු පාඨමාලාවේ සහතික ප්‍රදානය කිරීමේ උත්සවය

අංක 171 ගිනි නිවීමේ මූලික වෘත්තීය පුහුණු පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය 2023 අප්‍රේල් 20 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගිනි නිවීමේ පාසල සහ ගිනි ටෙන්ඩර් නඩත්තු බලඝණ පරිශ්‍රෙය්දී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රධාන ගිනි නිවන නිලධාරි ගෲප් කැප්ටන් ඩබ්ලිව්.කේ.ඒ.එස්.ඩබ්ලිව්.විතාන මහතා සහභාගී විය.

මාස හයක් පුරා පැවති මෙම පාඨමාලාවෙහි ගෘහස්ථ ගිනි නිවීම, ගුවන් යානා ගිනි නිවීම, ගිනි සේවා ඉංජිනේරු විද්‍යාව, ගිනි සේවා මෙහෙයුම්, ශ්වසන උපකරණ, ගිනි වර්ග හඳුනාගැනීම සහ ආරක්ෂණ පද්ධති, ගිනි සේවා පොම්ප, ගිනි වැළැක්වීම, කඹ ගැලවීම, ගුවන් යානා ආලෝක පද්ධති, සහ ප්‍රථමාධාර‍ වැනි මනාව සකස් කරන ලද විෂය නිර්දේශයට අනුව මෙම පාඨමාලාව පවත්වන ලදී.

මෙහිදී අභ්‍යාසලාභීන් 18 දෙනෙකු සදහා සහතිකපත්‍ර පිරිනැමුණු අතර, පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස ගුවන් භට ආර්නෝල්ඩ් පී.වී.එස්. සම්මාන හිමිකරගත්හ.

මෙම උත්සවය සඳහා ගිනි නිවීමේ පාසලේ සහ ගිනි ටෙන්ඩර් නඩත්තු බලඝණයේ අණදෙන නිලධාරී, විංග් කමාන්ඩර් සී.පී. හෙට්ටිආරච්චි,සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.