නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යාලය අබුජා හි නියෝජිතයින් පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක

නයිජීරියානු ජාතික ආරක්ෂක විද්‍යාලය - අබුජා හි නයිජීරියානු යුධ, නාවික සහ ගුවන් හමුදාවේ නියෝජිත පිරිසක් 2023 අප්‍රේල් 2 වන දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. දූත පිරිසේ ප්‍රධානියා ලෙස එයාර් කොමඩෝර් ඔසිචිනාකා චෙඩු උබඩිකේ කටයුතු කරන ලදී.

දූත පිරිසේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධව සුහද කතාබහක නිරත විය. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් නිල සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 'පශ්චාත් ගැටුම්කාරී භූමිකාව සහ අභියෝග' යන මැයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරු අණදෙණ නිළධාරි එයාර් කොමඩෝර් අමල් පෙරේරා විසින් ඉදිරිපත් කිරීමක් සහ අන්තර් ක්‍රියාකාරී ප්‍රශ්නෝත්තර සැසියක් සිදු කරන ලදී.මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.