ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ අංක 02 යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්‍ෂාංගය 09 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ අංක 02 යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්‍ෂාංගය 2023 අප්‍රේල් 28 වන දින 09 වන සංවත්සරය සමරන ලදී. අංක 02 යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එස්පීඩී හේමදාස විසින් සමාලෝචනය කරන ලද චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් සැමරුම ආරම්භ විය.

සැමරුම් උත්සවයට සමගාමීව කපිරික්ගම ප්‍රාථමික විද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, කපිරික්ගම තුබුරුක් රජමහා විහාරස්ථානයේ දේවාලය තීන්ත ආලේප කිරිම ඇතුළු ප්‍රජා සේවා ව්‍යාපෘති රැසක් අංක 02 යාන්ත්‍රික ප්‍රවාහන අළුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ පක්ෂාංගයේ අණදෙන නිලධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ පක්‍ෂාංගයේ සාමාඡිකයින්ගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.