ගුවන්යානා පර්යේෂණ සහ සංවර්ධන පක්ෂාංගය 2වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුරේ ගුවන්යානා පර්යේෂණ සහ සංවර්ධන පක්ෂාංගය සිය 2 වන සංවත්සරය 2023 අප්‍රේල් 30 වන දින අභිමානවත් ලෙස සමරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන්යානා පර්යේෂණවල පුරෝගාමීන් වන ගුවන්යානා පර්යේෂණ සහ සංවර්ධන පක්ෂාංගය විසින් ගුවන්යානා සහ ගුවන් විද්‍යාව ආශ්‍රිත පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සිය සේවාව ලබා දී ඇත.

සංවත්සර දිනය සැමරීම සඳහා සම්ප්‍රදායික වැඩ පෙළපාලිය පක්ෂාංගයේ නිලධාරීන් සහ ගුවන් භට/ගුවන් කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද අතර එය වත්මන් අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අසිත හෙට්ටිආරච්චි විසින් සමාලෝචනය කරන ලදී.සංවත්සර දිනයට සමගාමීව ප්‍රජා සේවා ව්‍යාපෘතියක් ඇතාගම අමරසේකර ප්‍රාථමික විද්‍යාලයේ දී පවත්වන ලදී.

සංවත්සර දිනය නිමිත්තෙන් අණදෙන නිළධාරී, නිළධාරීන් සහ ගුවන් භටයින්ගේ සහභාගීත්වයෙන් පක්ෂාංග පරිශ්‍රයේදී ආගමික වැඩසටහනක් පවත්වන ලද අතර සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යය සහ සහෝදරත්වය නංවාලීම සදහා ක්‍රිකට් තරඟාවලියක් ද වත්මන් අණදෙන නිළධාරීතුමන්ගේ ප්‍රදානත්වයෙන් පවත්වන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.