ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානි එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාමි චෞද්රි මහතා සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර නිල හමුවක්

ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි 2023 මැයි 02 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය.

කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු සුරේෂ් ප්‍රනාන්දු විසින් ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානිතුමන් පිළිගන්නා ලද අතර, ගුවන් හමුදා වර්ණ බලඝණය විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

කලාපීය ගුවන් හමුදා අතර සහයෝගීතාව වර්ධනය කිරීම, ඒකාබද්ධ පුහුණුව, තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ සමුද්‍ර නිරීක්ෂණ මෙහෙයුම් පුළුල් කිරීම පිළිබඳ පහසුකම් සැලසීම අරමුණු කරගත් සාකච්ඡා සඳහා  ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිවරයාගේ ආරාධනයකට අනුව ඉන්දීය ගුවන් හමුදාපතිවරයා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටී.

එයාර් චීෆ් මාර්ෂල් චෞද්‍රි මහතා මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදා කළමනාකාරීත්වය ද හමු වූ අතර ගුවන් හමුදාධිපති කාර්යාලයේදී දෙදෙනා අතර නිල සමරු ඵලක හුවමාරු කර ගන්නා ලදී.

මෙහෙයුම් අධ්‍යක්ෂ එයාර් කොමදෝරු එස් බේඩි, අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් එස්එස් දේසායි, ඉන්දීය ගුවන් හමුදාවේ මාණ්ඩලික නිලධාරී ගෲප් කැප්ටන් එල් කේ මිශ්‍රා සහ ඉන්දීය මහ කොමසාරිස් වරයාගේ ආරක්ෂක උපදේශක කැප්ටන් විකාස් සූද් යන මහත්වරුන්ගෙන් මෙම නියෝජිත පිරිස සමන්විත විය.
                

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.