ඉන්දියානු දූත පිරිස සඳහා තේ පැන් සංග්‍රහයක්

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් වීආර් චෞද්රි සහ ඉන්දීය ගුවන් හමුදා සුභසාධක සංගමයේ සභාපතිනී නීතා චෞද්රි මහත්මිය වෙත තේ පැන් සංග්‍රහයක් 23 මැයි 03 වන දින කොළඹ ගුවන් හමුදා මූලස්ථාන නිලධාරීන්ගේ භෝඡනාගාර පරිශ්‍රයේදී පැවැත්විණි. ඉන්දියානු සංස්කෘතිය සහ සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් සම්ප්‍රදායන් සමඟ ශ්‍රී ලාංකීය සංස්කෘතික සබඳතාව ප්‍රදර්ශනය කිරීම සඳහා උත්කර්ෂවත් සංස්කෘතික සංදර්ශනයකින් මෙය වර්ණවත් විය.

ඉන්දීය ගුවන් හමුදා සුභසාධක සංගමයේ සභාපතිනී නීතා චෞද්රි මහත්මිය, ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් කොමඩෝර් එස් බේඩි, ඉන්දීය ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ගෲප් කැප්ටන් එල්.කේ.මිශ්රා,අතුලු සංචාරය සදහා පැමිණ සිටින අනෙකුත් සාමිඡිකයින් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සෙසු නිළයින් කිහිප දෙනෙකු සහභාගී විය.




ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.