ගුවන් හමුදා හෙරලි පෙරළිය ව්‍යාපෘතිය පාසල්වලට හඳුන්වාදීමේ පළමු අදියර ධර්මාශෝක විද්‍යාලයෙන් ඇරඹේ

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමකට අනුව  "ගුවන් හමුදා හෙරලි පෙරළිය" ව්‍යාපෘතියේ  පළමු පියවර 2023 මැයි 04 වන දින අමබලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ආරම්භ කරමින් පාසල් වලට සාර්ථකව හඳුන්වා දෙන ලදී.

75 වැනි ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව ආහාර සුරක්ෂිතතාව සාක්ෂාත් කර ගැනීමේ රජයේ මෙහෙවරට සහාය වීම සඳහා “ගුවන් හමුදා හෙරළි පෙරළිය” සංකල්පය පාසල් මට්ටමට හඳුන්වාදීම මෙම වැඩසටහනේ අරමුණ වේ.
 
ගුවන් හමුදා සාමාජිකයින්, විදුහල්පති කැප්ටන් සනුජ ජයවික්‍රම, ව්‍යාපෘති සම්බන්ධීකාරක පූජ්‍ය ඇතිමලේ සද්ධාලංකාර හිමියන්, පාසල් කාර්ය මණ්ඩලය සහ ධර්මාශෝක විද්‍යාලයේ පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පවත්වන ලදී.

තවද, පොලිතීන් මලු වෙනුවට පරිසර හිතකාමී පොල් ලෙලිවල කොස් පැළ වගා කර "ගුවන් හමුදා හෙරලි පෙරළිය" වැඩසටහනට පරිත්‍යාග කරමින් පාසල් සිසුන් මෙම ජාතික ව්‍යාපෘතියට සක්‍රීයව සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.