ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ අංගසම්පූර්ණ ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තබයි

දිගුකාලීන රාජත්‍රාන්තික සබඳතා ශක්තිමත් කරමින් ඉන්දීය ගුවන් හමුදාව විසින් ප්‍රදානයක් ලෙස (Grant) චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ  නව ශ්‍රවණාගාරයක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම 2023 මැයි මස 04 වන දින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් විවේක් රාම් චෞද්රි මහතාගේ සහ ශ්‍රී  ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඉදිකිරීමට නියමිත නව ශ්‍රවණාගාර ගොඩනැගිල්ල තුල පුද්ගලයින් 700කට පමණ ශ්‍රවණාගාර පහසුකම් ලබාගත හැකි අතර මෙම ශ්‍රවණාගාර ශබ්ද සහ ආලෝකය සහිත වේදිකාවක්, බැල්කනියක් සහිත සම්පූර්ණ වායුසමීකරණය කරන ලද ප්‍රධාන ශාලාවක්, පාලක මැදිරියක් අතුළු සියලු පහසුකම් සහිතව ඉදිකිරීමට නියමිතව ඇත. මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා අපේක්ෂිත කාලය මාස 6 කි.

මෙම උත්සවය සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ආරම්භ වූ අතර මෙම අවස්ථාවට ඉන්දීය ගුවන් හමුදා සේවා වනිතා සුභසාධක සංගමයේ සභාපතිනී නීතා චෞද්රිර මහත්මිය, ශ්රී  ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී  සුදර්ශන පතිරණ මහත්මිය, අධ්‍යක්ෂ ජනරාල් සිවිල් ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ, අධ්‍යක්ෂ ජනරාල් පුහුණු එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ, චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණදෙන නිලධාරි එයාර් කොමදෝරු දේශප්‍රිය සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් සහ සෙසු නිළයින් පිරිසක් සහභාගි විය.
              

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.