ප්‍රංශයේ පැවැත්වෙන 24 වැනි ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල ට්‍රයැත්ලෝන් ශූරතාවලියට සහභාගී වීමට ශ්‍රී ලංකා ආරක්ෂවක සේවා ට්‍රයැත්ලෝන් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

24 වැනි ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල  ට්‍රයැත්ලෝන් ශූරතාවලිය මෙවර ප්‍රංශයේ බයිව්-ලා-ගයිලාර්ඩ් හිදී  2023 මැයි 5 සිට 2023 මැයි 9 දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර ඒම තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා ආරක්ෂක සේවා ට්‍රයැත්ලෝන් කණ්ඩායම 2023 මැයි 4 වන දින දිවයිනෙන් පිටත්ව යන ලදි. උස්බෙකිස්තානය, ස්පාඤ්ඤය, පෘතුගාලය, හංගේරියාව, බ්‍රසීලය, ලක්සම්බර්ග්, සෞදි අරාබිය, ජර්මනිය" කැනඩාව" බෙල්ජියම" ඇමරිකා එක්සත් ජනපදය" ස්ලෝවේනියාව" පෝලන්තය" චිලී, සමකය, ග්‍රීසිය, නෙදර්ලන්තය, ඉන්දියාව, ලිතුවේනියාව සහ කුවේට් යන රටවල් 22ක් මෙම ශූරතාවලිය සදහා තරග වැදීමට නියමිතව ඇත.

ගුවන් හමුදාධිපති සහ ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්ඩලයේ සභාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ශ්‍රී  ලංකා ආරක්ෂක සේවා ට්‍රයැත්ලෝන් කණ්ඩායම වෙත සිය සුභාශිංසන පළ කළ අතර පසුව ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්‌ඩලයේ සහ ආරක්‌ෂක සේවා ට්‍රයැත්ලෝන් පිල සමඟ නිල ඡායාරූපය ලබාගැනීම සදහා එක්වු අතර ඒ සඳහා ආරක්ෂක සේවා ක්‍රීඩා මණ්‌ඩලයේ ලේකම් ගෲප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා ද සහභාගි විය.

ශ්‍රී ලංකා ආරක්ෂ ක සේවා කණ්ඩායම  ක්‍රීඩකයන් පස් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් පස්දෙනෙකුගෙන් සමන්විත වන අතර ඒ සදහා ශ්‍රී ලංකා යුද හමුදාවේ"ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත් වේ. මෙම තරගාවලිය තුල එලයිට් පිරිමි සහ කාන්තා කේවල ඉසව්ව, කණ්ඩායම් ඉසව්ව සහ මිශ්‍ර කණ්ඩායම් ඉසව් සඳහා තරගවැදීමට නියමිතව ඇත.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.