රාජ්‍ය වෙසක් උත්සවය බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරයි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලය, පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ 2567 වැනි බෞද්ධ යුගය සහ බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිකරමින් රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කරන ලදී. එය 2023 මැයි මස 04 වන දින සවස හලාවත කැබෙල්ලවෙල ශ්‍රී රත්නසිරි පිරිවෙන් විහාරස්ථානයේ දී අතිපූජ්‍ය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පූජ්‍ය මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ගුවන් හමුදා පාලවි කඳවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් කෝලිත වීරසේකර සහ සුභසාධක අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.