ගුවන් හමුදා "වෙසක් බැති ගී සරණිය" සහ "දන්සල" - 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ගුවන් හමුදා කොළඹ කඳවුර සමඟ සහයෝගීතාවයෙන් වෙසක් බැති ගී සරණිය 2023’ කොළඹ ගුවන් හමුදා කඳවුරේ  ‘රයිෆල් ග්‍රීන්’ පිටියේදී 2023 මැයි 6 වන දින පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය සහභාගී විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ගුවන් හමුදා වෙසක් කලාපය ආලෝකමත් කිරීමත් සමඟ උත්සවය ආරම්භ වූ අතර ගුවන් හමුදාධිපති සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් ක්‍රීඩාංගණයේ පැවති නිර්මාණාත්මක වෙසක් කූඩු ප්‍රදර්ශනය නැරඹීමට එක් විය.

වෙසක් බැති ගී සරණිය ගීත 12 කින් සහ රංග කලා අධ්‍යක්ෂකය විසින් ඉදිරිපත් කරන ලද නාට්‍යයකින් සමන්විත විය.

මාණ්ඩලික ප්‍රධානී තුමන්,කොළඹ ගුවන් හමුදා කඳවුරේ වැඩබලන අණදෙන නිලධාරී එයාර් කොමදෝරු චමින්ද වික්‍රමරත්න,  කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරන නිලධාරීන්, සෙසු නිලයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සහ ඒකල ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට සහභාගී විය.

වෙසක් බැති ගී සරණියට අමතරව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද සිනි සම්බල් බනිස් සහ ඉඟුරු තේ දන්සල කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගණය ඉදිරිපිටදී පවත්වන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ අධීක්‍ෂණය යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදි 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.