අන්තර් ඒකක කැරම් ශූරතාව - 2023

අන්තර් ඒකක කැරම් ශූරතාවලිය 2023 මැයි 09 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂ එයාර් කොමදෝරු ප්‍රීදීප් ප්‍රනාන්දු මහතා සහභාගී වූ අතර, සම්මාන ප්‍රදානෝත්සවය එම ස්ථානයේදීම පවත්වන ලදී.

මෙම තරගාවලිය සදහා කාන්තා කණ්ඩායම් 10ක් සහ පිරිමි කණ්ඩායම් 13ක් ශූරතාවලියේදී තරග වැදුණි.ගුවන් හමුදා කටුනායක කඳවුරේ තාක්ෂණික  කණ්ඩායම 2023 වසර සඳහා පිරිමි ශූරයන් ලෙස සම්මාන දිනාගත් අතර කොළඹ ගුවන් හමුදා කඳවුර අනුශූරතාවය දිනාගන්නා ලදී. කාන්තා අංශයේ ශූරතාව ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ විසින් දිනා ගන්නා ලද අතර ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල අනුශූරතාව දිනා ගන්නා ලදී.

මෙම අවස්ථාවට කොළඹ ගුවන් හමුදා වැඩබලන අණදෙන නිලධාරී එයාර් කොමදෝරු චමින්ද වික්‍රමරත්න, ගුවන් හමුදා කැරම් සම්මේලනයේ සභාපති ගෲප් කැප්ටන් නාලක නුගේගොඩ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා කැරම් සම්මේලනයේ සාමාජිකයින් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.