ශ්‍රී ලංකා ගුවන් හමුදාව කොළඹ ජාතික රෝහල සමග එක්ව රසායනික, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකදී ක්‍රීයා කළ යුතු ආකාරය පිළිබද පුහුණු අභ්‍යාසයක් සිදු කරයි

හදිසියේ ඇතිවිය හැකි රසායනික, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය  ප්‍රහාරයකදී ක්‍රීයා කළ යුතු ආකාරය පිළිබද පෙරහුරුවක්, කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද ඉන්දික ජාගොඩ මහතා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගෙන් කල ඉල්ලීමකට අනූව, ගුවන් හමුදා රසායනික ජීව විද්‍යා න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගය සහ කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ සාමාජිකයින් සමග එක්ව ජාතික රෝහල් පරිශ්‍රයේදී 2023 මැයි මස 10 වන දින සිදු කරන ලදි.

අවම කාලයක් තුල රෝගින් ගුවන් මගින් හෝ ගොඩබිමෙන් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම සහ ක්ෂණික ප්‍රථිකාර ලබාදීම මෙම පුහුණු අභ්‍යාසයේ මූලික අරමුණ විය.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා රසායනික" ජීව විද්‍යාත්මක" න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය (CBRNE) පක්ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් නිලේන්ද්‍ර පෙරේරා ඇතුලු නිළධාරීන් හා සෙසු නිළයින් මෙන්ම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ කාර්යය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් සහභාගී වන ලදි.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.