ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේ අලුතින් ඉදිකරන ලද උපදේශකවරුන්ගේ නිවස්නය විවෘත කරන ලදී

ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුරේ රෙජිමේන්තු පුහුණු පක්ෂාංගයේ අභිනවයෙන් ඉදිකරන ලද "උපදේශකවරුන්ගේ නිවස්නය" 2023 මැයි 12 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් සූම් තාක්ෂණය මගින් සම්බන්ද වී විවෘත කරන ලදී. මෙම නිවස්නය නවාතැන් පහසුකම් 44 කින් සමන්විත වන අතර, අනුයුක්ත නානකාමර සහ බැඩ්මින්ටන් පිටියකින් සම්පූර්ණ වේ.

අම්පාර ගුවන් හමුදා කඳවුරේ සිවිල් ඉංජිනේරු කාර්ය මණ්ඩලය විසින් නිවස්නයේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද අතර එය මාස හයක් ඇතුළත නිම කරන ලදී. ගුවන් හමුදා අම්පාර කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් නිශාන්ත ප්‍රියදර්ශන, රෙජිමේන්තු පුහුණු පක්ෂාංගයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ප්‍රභාත් මොල්ලිගොඩ, රෙජිමේන්තු පුහුණු පක්ෂාංගයේ සියලුම නිළධාරීන් සහ උපදේශකයින් සහ ගුවන් භටයින් ඇතුළු පිරිසක් විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූහ.


Newly constructed "Instructors’ Billet"

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.