ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ සේවා වනිතා ඒකකය විසින් ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වනු ලබයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ සේවා වනිතා ඒකකය විසින් ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ දානමය වැඩසටහනක් 2023 මැයි 12 වන දින ජා-ඇල ආචාර්ය බිඑස් ජයවර්ධන පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ දී සංවිධානය කරන ලදී. මෙම අවස්ථාවට ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි යසින්තා මාර්ටිනෝ මහත්මිය, අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ප්‍රසංග මාර්ටිනෝ, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී විය.

මෙම අවස්ථාවට සහභාගී වූවන් විසින් ආචාර්ය බිඑස් ජයවර්ධන පිරිමි ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ  දරුවන් සදහා ත්‍යාග ද්‍රව්‍ය  බෙදා දෙන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.