මොන්ටානා ප්‍රාන්තයේ ජාතික ආරක්ෂක බළකා සහකාර ජෙනරාල්වරයා සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්

මොන්ටානා ප්‍රාන්තයේ ජාතික ආරක්ෂක බළකායේ සහකාර ජෙනරාල් මේජර් ජෙනරාල් පීටර් ජේ හ්‍රොනෙක් සහ කාර්ය මණ්ඩලය  2023 මැයි 17 වන දින සවස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය.

මෙම හමුවේදී එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, මේජර් ජෙනරාල් පීටර් සහ නියෝජිතයින් ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ වැඩිදියුණු කළ පුහුණු අවස්ථා ගවේෂණය කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු සම්බන්ධ සාකච්ඡාවක නිරත විය. අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූන් අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී. මෙම සංචාරය අගයමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ සහකාර ජනරාල්වරයාගේ භාර්යාව වන ට්‍රැසී හෝනෙක් මහත්මිය වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාවට මොන්ටානා ජාතික ආරක්ෂක බළකායේ විධායක නිලධාරී, මේජර් කෙවින් ඩිගන්ස්, රාජ්‍ය සහයෝගීතා වැඩසටහන් අධ්‍යක්ෂ, මේජර් ක්‍රිස්ටෝපර් කෝරි සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී විය.


No. 02 Heavy Transport Squadron

CBRNE Wing's Demonstration

Aircraft Engineering Wing

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.