ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගිනි නිවිමේ හා මුදවාගැනීමේ පෙරහුරු අභ්‍යාසයක් ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ලේදි සිදුකරන ලදි

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ ඒකකය විසින්  2023 මැයි මස 19 වන දින කොලඹ නගරය තුල ඇති මහල් ගොඩනැගිලි තුල ඇතිවිය හැකි හදිසි ගිනි අනතුරකදී ඊට ප්‍රතිචාර දැක්වීම, ඉන් පුද්ගලයින් මුදවා ගැනීමේ හා  ගින්න මැඩපැවැත්වීමේ පෙරහුරු අභ්‍යාසයක් ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල මූලික කරගනිමින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් මත සිදුකරන ලදි.

ගුවන් හමුදා ගිනි නිවන භටයින් සහ සහායක කාර්ය මණ්ඩලය 30 කට අධික පිරිසක් මෙම අභ්‍යාසය සදහා සක්ක්‍රීයව සහභාගී වු අතර ගුවන් හමුදා ප්‍රධාන ගිනි නිවන නිලධාරි ගෲප් කැප්ටන් සංජය විතාන සහ අභ්‍යාස අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් චමිල් හෙට්ටිආරච්චි යන නිළධාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම අභ්‍යාසය සිදුකරන ලදි.

මෙහිදි ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් මෙහෙයුම් සදහා සූදානම්වීම, ගිනි නිවීම සහ මුදවාගැනීම් පිළිබද පෙරහුරුවක නිරත වු අතර එහිදි මුදවා ගැනිමේ කටයුතු සදහා යොදා ගනු ලබන කඹ ආධාරයෙන් උස් ස්ථානයක සිට පහලට බැසීමේ උපක්‍රම භාවිතාකරමින්  විපතට පත්වුවන් මුදවාගැනිමේ මෙහෙයුම් සිදුකරන ලදි. මෙමගින් ඔවුන්ගේ හැකියාවන් යාවත්කාලීන කිරීම මගින් ප්‍රතිචාර දැක්වීම සදහා ගතවන කාලය අවම කර ගැනීම මෙම අභ්‍යාසයේ මූලික අරමුණ විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.