අන්තර් ඒකක මලල ක්‍රීඩා ශූරතාවලිය 2023

57 වන අන්තර් ඒකක මලල ක්‍රීඩා ශූරතාවලිය 2023 මැයි 18 සහ 19 යන දිනයන්හිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සැපයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් නිශාන්ත තිලකසිංහ මහතා සහභාගී වූ අතර සම්මාන ප්‍රදානෝත්සවය එම ස්ථානයේදීම පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල කාන්තා අංශයේ ඒකාබද්ධ ශූරතාව දිනාගත් අතර පිරිමි අංශයේ සමස්ථ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර හිමිකරගත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ඒකල අනුශූරතාවය හිමිකර ගන්නා ලදී. ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ ශිෂ්‍යභට නිලධාරිනී ලක්ෂානි එම්.කේ.පී දක්‍ෂතම පිරිමි ක්‍රීඩිකයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුර කාර්මික අංශයේ නායක ගුවන් භට මදුමාල් ඩබ්.සී.විසින් හිමිකරගන්නා ලදී.
 
ගුවන් හමුදා කටුනායක කදවුරු වැඩබලන අණදෙන නිලධාරී එයාර් කොමදෝරු සමන් උඩුකුඹුර, ගුවන් හමුදා මලල ක්‍රීඩා සභාපති එයාර් කොමඩෝර් දීපාල් මුණසිංහ, ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ සාමාජිකයින් ඇතුළු ආරාධිතයින් අවසන් අවස්ථාව සඳහා සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.