කෝඩ්‍රෑන්ගල් කුසලාන ගොල්ෆ් තරඟාවළියේ ජය ගුවන් හමුදාවට - 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් සංවිධාන ශක්තියෙන් සහ ,SLT Mobitel පුද්ගලික සමාගමේ අනුග්‍රහකත්වය ඇතිව දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ කෝඩ්‍රෑන්ගල් කුසලාන කාන්තා සහ පිරිමි අන්තර් සමාජ ගොල්ෆ් තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් චීනවරාය ඊගල්ස් ගෝල්ෆ් ලින්ක්හිදී පැවැත්විණි.


මෙම තරඟය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ගෝල්ෆ් ක්‍රීඩා සමාජ 4ක් වන ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය, රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජය, වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රීඩා සමාජය හා නුවර එළිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජය යන ක්‍රීඩා සමාජ සහභාගී වු අතර එහිදි ප්‍රසාද ලකුණු 325 ලබාගනිමින් සමස්ථ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රීඩා සමාජය සමත් විය

මෙම තරගාවලියේ දක්ෂතම ළගම පහරට හිමි කුසලානය (පිරිමි) ගුවන් හමුදා ඊගල්ස් ගෝල්ෆ් ලින්ක් ක්‍රිඩා සමාජයේ එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින්ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (පිරිමි) නුවර එළිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ මයිකල් සත්‍යශිවම් විසින්ද, දක්ෂතම ළගම පහරට හිමි කුසලානය (කාන්තා) නුවර එළිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ ප්‍රෑන් ද මෙල් විසින් ද, දක්ෂතම දුරම පහරට හිමි කුසලානය (කාන්තා) රෝයල් කලම්බු ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ දිනුකා බොරලැස්ස විසින් දිනාගත් අතර තරගාවලියේ හොදම ලකුණු ලබාගත් ක්‍රිඩකයා ලෙස රොයල් කලම්බු ගෝල්ෆ් ක්‍රිඩා සමාජයේ රවී ලියනගේද, තරගාවලියේ හොදම ලකුණු ලබාගත් ක්‍රිඩිකාව ලෙස වික්ටෝරියා ගෝල්ෆ් ක්‍රීඩා සමාජයේ ප්‍රවීනා දුනුවිල ද කුසලාන දිනා ගන්නා ලදි.



ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.