වාර්ෂික "ජය පිරිත්" සජ්ඣායනාව සඳහිරු සෑ පරිශ්‍රයේදී

වාර්ෂික “ජය පිරිත” සජ්ඣායනාව 2023 මැයි 20 වන දින සඳහිරු සෑ පරිශ්‍රයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ආරක්‍ෂක අමාත්‍යාංශය සහ  ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව පවත්වන ලදි.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතනාභිදාන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛව පූජ්‍ය රළපානවේ ධම්මජෝති නායක ස්වාමින් වහන්සේ සහ පූජ්‍ය වැලිහේනේ සෝභිත නායක හිමිගේ අනුශාසකත්වයෙන් සහ සහභාගීත්වයෙන් යුතුව ආගමික වතාවත් සිදුකරන ලදි.

මෙම අවස්ථාවට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හා නාවික හමුදාපතිවරුන්, පොලිස්පති, රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන් සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

පිරිත් සජ්ඣායනාව අනතුරුව 2023 මැයි 21 වන දින උදෑසන එම පරිශ්‍රයේ දී පූජ්‍ය මහා සංඝරත්නය වෙත දානමය පිංකමක් පැවැත්වීමෙන් කටයුතු අවසන් කරන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගී විය.

Pirith chanting

Almsgiving

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.