ජාතික වෙරළ වොලිබෝල් තරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් සංවිධානය කරන ලද ජාතික වෙරළ වොලිබෝල් තරගාවලියේඅවසන් තරග 2023 මැයි මස 21 වන දින මිගමුව වෙරළ තිරයේදි පැවැත් වු අතර එමතරගාවලියේ කාන්තා හා පිරිමි ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් දිනාගන්නා ලදි.

මෙහිදි ශ්‍රී ලංකා යුද හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර පැවති පිරිමි අවසන් තරගයේජයග්‍රහණය තරග වට 03ට 02ක් වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි කණ්ඩායම ජයග්‍රහණය කල අතර, කාන්තා අවසන් තරගය ශ්‍රී ලංකා නාවික හමුදාව පරදවා තරග වට 03ට 02ක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරන ලදි.

මේ සදහා ශ්‍රී ලංකාවේ සියළු පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වු අතර මෙතෙක් ශ්‍රීලංකා ජාතික වෙරළ වොලිබෝල් සංචිතය නියෝජනය නොකළ ක්‍රිඩක ක්‍රිඩිකාවන් සිවිදෙනෙකු විසින් මෙම තාරගාවලිය ජයග්‍රහණය කිරීම සුවිශේෂත්වයකි. ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙරළ වොලිබෝල්පිරිමි කණ්ඩායම නියෝජනය කරමින් නායක ගුවන් භට සේනාරත්න ආර්පීඩිසී සහ නායක ගුවන් භට සිල්වා ඩබ්ලිව්එම්ඩි ක්‍රිඩා කල අතර ගුවන් හමුදා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම වෙනුවෙන් නායක ගුවන් කාන්තා ප්‍රසාදිනි ජේඑච්ඩී සහ නායක ගුවන් කාන්තා තුෂාරි ජේඩබ්ලිව්පී ක්‍රිඩාකරන

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.