අන්තර් ඒකක කබඩි ශූරතාව-2023

අන්තර් ඒකක කබඩි ශූරතාවලිය 2023 මැයි 24 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ ව්‍යායාම ශාලාවේදී පැවැත්විණි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් කේ.ජී.ඩී.එන් ජයසිංහ මහතාගේ සහභාගී විය.

පිරිමි සහ කාන්තා ශූරතා දෙකම කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් හිමිකරගන්නා ලද අතර. ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර සහ චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාව හිමිකර ගන්නා ලදී. කොළඹ ගුවන් හමුදා කඳවුරේ සැරයන් පුෂ්පකුමාර ඩබ්ලිව් එම් සහ කොළඹ ගුවන් හමුදා කඳවුර නියෝජනය කළ ගුවන් කාන්තා ගුණරත්න ශූරතාවලියේදී පිළිවෙළින් හොඳම ක්‍රීඩකයා සහ හොඳම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලබා ගන්නා ලදී.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ වැඩබලන අණදෙන නිලධාරී, ගුවන් හමුදා කබඩි සම්මේලනයේ සභාපති එයාර් කොමඩෝර් පී.එන්. ප්‍රනාන්දු , ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සිලයේ  සාමාඡිකයින් ඇතුලු පිරිසක් අවසන් මහා තරගය සහ සම්මාන ප්‍රදානෝත්සවය නැරඹීම සඳහා සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.