ගුවන් හමුදා කටුනායක කඳවුරේ ගිනි නිවීමේ පාසලේ ගිනි නිවන භටයන්ගේ උසස් වෘත්තීය පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලදී

ගිනි නිවන භටයන්ගේ උසස් වෘත්තීය පුහුණු පාඨමාලාවේ විසිර යාමේ පෙළපාලිය සහ සහතිකපත් ප්‍රදානෝත්සවය 2023 මැයි 24 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ පාසලේ සහ ගිනි රථ නඩත්තු කිරීමේ බලඝණයේදී පැවැත්විණි. ප්‍රධාන ගිනි නිවන නිලධාරි ගෲප් කැප්ටන් සංජය විතාන මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවයෙන් අනතුරුව පාඨමාලා සහභාගිවන්නන් විසින් පවත්වන ලද ගිනි නිවීමේ සන්දර්ශණයක්ද පවත්වන ලදී.

මෙම පාඨමාලාව මාස දහයක නියමිත කාලසීමාවක් තුළ මනාව සකස් කරන ලද විෂය නිර්දේශයකට අනුව පවත්වන ලදී.ගෘහස්ථ ගිනි නිවීම, ගුවන් යානා ගිනි නිවීම, ගිනි සේවා ඉංජිනේරු විද්‍යාව, ගිනි සේවා මෙහෙයුම්, ශ්වසන උපකරණ සමඟ වැඩ කිරීම, ගිනි හඳුනාගැනීම් සහ ආරක්ෂණ පද්ධති, සේවා පොම්ප, ගිනි වැළැක්වීම, ප්‍රථමාධාර, බර/සැහැල්ලු රිය පැදවීමේ පුහුණුව, සහ වම් පැති ධාවන වාහන පුහුණුව වැනි වැඩසටහන් මෙම පාඨමාලාවට ඇතුලත්ව ඇත.

මෙහිදී අභ්‍යාසලාභීන් 18 දෙනකු සහතිකපත්‍ර ලබා ගත් අතර පාඨමාලාවේ හොඳම ගිනි නිවන භටයා ලෙස නායක ගුවන් භට රණවක එම්.ජී.සම්මාන හිමිකරගන්නා ලදී. මෙම උත්සවය සඳහා ගිනි නිවීමේ පාසලේ අණදෙන නිළධාරී සහ ගිනි රථ නඩත්තු කිරීමේ බලඝණයේ අණදෙන නිළධාරී, විංග් කමාන්ඩර් චමිල් හෙට්ටිආරච්චි, ප්‍රධාන උපදේශක, බලඝණ නායක දේනුක ගුණතිලක, බලඝණයේ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.