"ගුවන් ගුණදම්" ව්‍යාපෘතියේ දෙවන අදියර සාර්ථකව අවසන් කෙරේ

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කදවුරුවල සේවය කරන සිවිල් සේවකයින් වෙනුවෙන් ජීවන තත්ත්වය නංවාලීමේ අරමුණින් නිමා වූ "ගුවන් ගුණදම්" ව්‍යාපෘතියේ දෙවන අදියර සාර්තකව නිමා කරන ලදී.

සිවිල් සේවකයින්ගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා සියලුම ගුවන් හමුදා කදවුරුවලට සමාන අවස්ථාවක් ලබා දී ඇති අතර නිවාස ප්‍රතිසංස්කරණය සහ ස්වයං රැකියා ව්‍යාපෘති සඳහා වඩාත් සුදුසු පුද්ගලයින් පස් දෙනෙකු තෝරා ගන්නා ලදී. ගුවන් හමුදා මූලස්ථානයේ සේවා වනිතා ඒකකයේ "ගුවන් ගුණදම්" සංකල්පය යටතේ පහත සඳහන් සිවිල් පුද්ගලයින් මේ සදහා තෝරා ගන්නා ලද අතර සියලුම ව්‍යාපෘති නිසි පරිදි අවසන් කර අදාළ ප්‍රතිලාභීන් වෙත භාර දෙන ලදී.

කේ.ආර්.එම්.දුමිඳුපාල මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර
ඒ ගුරුගේ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර
එන්.ඡී.ටි චන්දන මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර,
බී.එන්.පෙරේරා මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුර
කේ.ඩබ්ලිව්.ආර් කුමාර මහතා ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුර

ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුර

ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුර

ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර

ශ්‍රී ලංකා ගුවන් හමුදා අම්පාර කඳවුර
ගුවන් හමුදා කටුකුරුන්ද කඳවුර

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.