ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ විසින් ඖෂධ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වනු ලබයි

ශ්‍රී ලංකා ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවා වනිතා ඒකකය විසින් 2023 මැයි 26 වන දින රු. මිලියන 0.55ක් වටිනා ඖෂධ තොගයක් මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කරන ලදී. ගුවන් හමුදා කඳවුර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ   නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ ඒකාබද්ධ උත්සාහය සහ ත්‍යාගශීලීභාවයේන්  මෙම සුවිශේෂී වැඩසටහන සාර්ථකව සිදු කිරීමට හැකි විය.

අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එස්.සී. විජයනායක මහතා විසින් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා වෙත ඖෂධ තොගය නිළ වශයෙන්  භාරදෙන ලදී. මෙම අවස්ථාවට ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවා වනිතා ඒකකයේ සභාපති ගෲප් කැප්ටන්  ප්‍රියදර්ශනී විජයනායක මහත්මිය ඇතුළු ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.