පොල් වගාව නංවාලීමේ අරමුණින් "ගුවන් කප්රුක" වැඩසටහනක් ආරම්භ කරයි

මෙරට පොල් වගාව නංවාලීමේ අරමුණින් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමකට අනුව කටුනායක ගුවන් හමුදා කඳවුරේ අණදෙන කෘෂි ඒකකයේ කැපවීම මත "ගුවන් කප්රුක" වැඩසටහනක් ආරම්භ කර ඇත. .

වසර පහක කාලයක් තුළ රට පුරා පොල් පැළ 50,000ක් සිටුවීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. 2023 වර්ෂයේදී පමණක් අණදෙන කෘෂි නිලධාරී එයාර් කොමඩෝර් එරන්දික ගුණවර්ධන මහතාගේ දක්ෂ කළමනාකාරීත්වය යටතේ පැළ 10,000ක් සිටුවීමට සැලසුම් කර ඇත.

"ගුවන් කප්රුක" වැඩසටහන ආරම්භ කිරීම සඳහා පොල් පැල සහ පොහොර බෙදාදීමේ මුලික කටයුතු 2023 මැයි මස 26 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සිදු කරන ලදී. මෙම අවස්ථාවට කටුනායක ගුවන් හමුදා කඳවුරේ වැඩබලන කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස්ආර් උඩුකුබුර නිළධාරීතුමන් සහභාගී විය. මෙම උත්සවයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල සහ ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල යන කඳවුරුවල සාමාඡිකයින් වෙත පොල් පැළ ප්‍රධානය කිරීම සිදු කරන ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.