ශ්‍රී ලංකා ගුවන් හමුදා විශ්‍රාම යන සාමාඡිකයින් සදහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ)3වන මට්ටමේ පුහුණු පාඨමාලාවක් ආරම්භ කරයි

විශ‍්‍රාම යන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාඡිකයින්ගේ වෘත්තීය සුදුසුකම් පුළුල් කිරීම සහ විදේශ රැකියා අවස්ථා සඳහා නිපුණත්වය ලබා දීම වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ)3වන මට්ටමේ පාඨමාලාවක් කටුනායක ගුවන් හමුදා රෝහලේදී ආරම්භ කරන ලදී. කටුනායක ගුවන් හමුදා රෝහල ජාතික වෘත්තීය සුදුසුකම් පිරිනැමීමේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ ලියාපදිංචි කර ඇත.

පාඨමාලාවේ සමාරම්භක උත්සවය 2023 මැයි 29 වන දින ශ්‍රී ලංකා තෘතීයික සහ වෘත්තීය පුහුණු කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ, ආචාර්ය අජිත් පොල්වත්ත සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාර,ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර එල් වයි පතිරණ මහතාගේ සහභාගීත්වයෙන් කටුනායක ගුවන් හමුදා රෝහලේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, කටුනායක ගුවන් හමුදා වැඩබලන කඳවුරු අණදෙන නිළධාරීතුමන් සහ කටුනායක ගුවන් හමුදා රෝහලේ අණදෙන නිළධාරීතුමන් සහභාගී විය. පාඨමාලා සඳහා අයදුම් කළ සහ විශ්‍රාම ගිය ගුවන් හමුදා සාමාජිකයින් 35 දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.