ජපානයේ ආරක්ෂක ප්‍රතිපත්ති කාර්යාංශයේ නිලධාරීන් සහ ගුවන් හමුදාපතිතුමන් අතර නිළ හමුවක්

ජපානයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක ප්‍රතිපත්ති කාර්යාංශයේ, ටොමොකෝ මට්සුසාවා මහත්මිය සහ කාර්ය මණ්ඩලය 2023 මැයි 31 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා හමුවිය.

මෙම හමුවේදී ගුවන් හමුදාධිපති සහ නියෝජිතයින් පිරිස අතර ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත විය. මෙම අවස්ථාවට ජපානයේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක ප්‍රතිපත්ති කාර්යාංශයේ උපදේශක සහකාර, මේජර් චිහිරෝ ෆුජිෂිමා, ජපාන ගුවන් ආත්මාරක්‍ෂක බළකායේ මාණ්ඩලික නිලධාරී, ලුතිනන් කර්නල් යොෂිකෝ හිරොමොටෝ ඇතුලු දුත පිරිස සහභාගී විය. සාකච්ඡාවලින් අනතුරුව, ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූන් අතර නිල සමරු ඵලක හුවමාරුවක්ද සිදු කරන ලදී.

සංචාරයක නිරත වූ දූත පිරිස මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ආර්.ඒ.යූ.පී රාජපක්ෂ, ගුවන් හමුදා අධ්‍යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම් එයාර් වයිස් මාර්ෂල් ආර්.එස්. වික්‍රමරත්න සහ පැමිණි දූත පිරිස ගුවන් හමුදා මූලස්ථානයේ පැවති විශේෂ සමුළුවකට ද සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.