ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක රෝහල සහ දන්ත වෛද්‍ය අංශය සමග එක්ව, ලොක "දුම්වැටි නිවාරන දිනය" සමරන ලදී

ලෝක "දුම්වැටි නිවාරන දිනයට" සමගාමීව ගුවන් හමුදා කටුනායක රෝහල සහ කටුනායක ගුවන් හමුදා දන්ත වෛද්‍ය අංශය විසින් ගුවන් හමුදා කටුනායක කඳවුරු පරිශ්‍රයේදී 2023 මැයි 31 වන දින සේවා පුද්ගලයින් සඳහා වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.

මෙම වැඩසටහනේ පෝස්ටර් ප්‍රදර්ශනයක් සහ වේදිකා නාට්‍යයක් මගින් දුම්කොළ භාවිතයෙන් සිදුවන හානිය පිළිබඳව දැනුවත් කරන ලදී. මෙම වැඩසටහන ගුවන් හමුදා කටුනායක රෝහලේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් (වෛද්‍ය) එන්.ඩී.බී. අබේසේකර සහ කටුනායක දන්ත වෛද්‍ය ඒකකයේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් (වෛද්‍ය) ජේ.පී.ඩබ්ලිව්.ජයවික්‍රම යන නිළධාරීන් දෙපල විසින් මෙහෙයවන ලදී.

මුඛ පිළිකා, සමාජ-ආර්ථික හා මානසික ගැටලු, දුම්පානය හා දුම්කොළ භාවිතය හා සම්බන්ධ පෝෂණ ගැටලු සහ නැවැත්වීමේ ක්‍රම ප්‍රධාන මාතෘකා ලෙස අවධාරණය කෙරිණි. උපදේශක ප්‍රජා දන්ත වෛද්‍ය හේමන්ත අමරසූරිය මහතා ආරාධිත කථිකයා ලෙස විද්වත් කථිකාවකට දායක විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.