ගුවන් හමුදාව මහරගම අපේක්ෂා රෝහලට විශේෂ පරිත්‍යාගයක් කරයි

පොසොන් පොහොය දිනයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මහරගම 'අපේක්‍ෂා රෝහල' වෙත රුපියල් ලක්ෂ 15ක් වටිනා විශේෂ පරිත්‍යාගයක් 2023 ජුනි 03 වන දින සිදු කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලද මෙම පරිත්‍යාගය පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට නියමිත වේලාවට, සුදුසු සහ ප්‍රශස්ත ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහලට සහාය වීම අරමුණු කර ගෙන ඇත.

මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය සහභාගී වූ අතර ඇය විසින් එම පරිත්‍යාගය අපේක්ෂා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ලලිත් කෝදාගොඩ මහතා වෙත භාර දෙන ලදී. මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින්, නිලධාරීන් සහ සෙසු නිළයින් පිරිසක් සහභාගී විය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් (වෛද්‍ය) ලලිත් ජයවීර සහ අධ්‍යක්ෂ ජනරාල් සුබසාධන  එයාර් වයිස් මාර්ෂල් සුහර්ෂි ප්‍රනාන්දු යන නිළධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම උත්සවය පැවැත්විණි.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.