ආරක්ෂක සේවා පිහිනුම් සහ ජල ක්‍රීඩා ශූරතාවලිය -2023

12 වන ආරක්ෂක සේවා පිහිනුම් හා ජල ක්‍රීඩා ශූරතාවලිය -2023 ශ්‍රී ලංකා නාවික හමුදාව වැලිසර ජල ක්‍රීඩා සංකීර්ණයේදී 2023 ජුනි 05 වන දින සිට 09 වන දින දක්වා සාර්ථකව පවත්වන ලදී.
 
කාන්තා නිලධාරිනි ශිෂ්‍යභට සවින්දි, ආරක්‍ෂක සේවා ක්‍රීඩා ඉතිහාසයට තම නම ඒක්කරමින් තනි පිහිනුම් ඉසව්වලින් රන් පදක්කම් පහක් දිනා ගනිමින් ගුවන් හමුදා නාමයට මහත් ගෟරවයක් ඒක්කරන ලදි. ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ජල ක්‍රීඩා කණ්ඩායම ශූරතාවය තහවුරු කර ගනිමින් නැවත වරක් ශූරතාවට හිමිකම් කීහ. එසේම, ගුවන් හමුදා පිරිමි ජල ක්‍රීඩා කණ්ඩායම අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ තියුණු තරගයකට මුහුණ දී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය. තවද, ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පිහිනුම් ශූරතාවලියේ සමස්ථ අනුශූරතාවය දිනා ගන්නා ලදී.

රියර් අද්මිරාල් ටීඩබ්ලිව් ඩබ්ලිව් ලීලාරත්න ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ගුවන් හමුදා ඡල ක්‍රීඩා සභාපති එයාර් කොමඩොර් එස්ඩීජීඑම් සිල්වා මහතා ද ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී විය.

ප්රතිඵල සාරාංශය

කාන්තා

රන් පදක්කම්ලාභීන්
මීටර් 50 සමනල ආර - කාන්තා නිලධාරිනී ශිෂ්‍යභට ජේ.එම්.එස්. සවින්දි
මීටර් 50 නිදහස් ආර - කාන්තා නිලධාරී ශිෂ්‍යභට ජේ.එම්.එස්. සවින්දි
මීටර් 800 නිදහස් ආර - කාන්තා නිළධාරී කැඩෙට් ජේඑම්එස් සවින්දි
මීටර් 100 නිදහස් ආර - කාන්තා නිලධාරී ශිෂ්‍යභට ජේ.එම්.එස්. සවින්දි
මීටර් 100 පසුපස ආර - කාන්තා නිලධාරී ශිෂ්‍යභට ජේ.එම්.එස්. සවින්දි

රිදී පදක්කම්ලාභී
මීටර් 50 ළය ආර - ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් යූ.එම්.එච් ද සිල්වා

ලෝකඩ පදක්කම්ලාභීන්
මීටර් 50 පසුපස ආර - ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් යූඑම්එච් ද සිල්වා
මීටර් 100 පසුපස ආර - ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් යූ.එම්.එච් ද සිල්වා
මීටර් 800 නිදහස් ආර - නායක ගුවන් කාන්තා දසනායක එල්.කේ.ජී.කේ.කේ
මීටර් 50 සමනල - නායක ගුවන් කාන්තා ද සිල්වා කේ.ඩී.ඒ
මීටර් 100 ළය ආර - නායක ගුවන් කාන්තා හේමමාලි ඒ.කේ.පී.එච්.කේ
මීටර් 100 සමනල ආර - නායක ගුවන් කාන්තා ද සිල්වා කේ.ඩී.ඒ
මීටර් 50 ළය ආර - නායක ගුවන් කාන්තා රාජකරුණා ආර්.එච්.එම්.අයි.එස්

පිරිමි

රිදී පදක්කම්ලාභී
මීටර් 50 ළය ආර - ප්ලයින් ඔෆිසර් ද සිල්වා

ලෝකඩ පදක්කම්ලාභීන්
මීටර් 100 ළය ආර - ප්ලයින් ඔෆිසර් UඓO ද සිල්වා


ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.