ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූපශාස්ත්‍ර කලා සහ ආහාර ප්‍රදර්ශයේදී සුවිශේෂී දස්කම් දක්වයි

ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංසදය සහ ලෝක සූපවේදීන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ලද සූපශාස්ත්‍ර කලා සහ ආහාර ප්‍රදර්ශනය 2023 ජුනි 9 වන දින සිට 11 වන දින දක්වා BMICH හිදී පවත්වන ලදී. රන්, රිදී සහ ලෝකඩ පදක්කම් සඳහා තරඟ කරන සූපවේදීන් 1000 ක් පමණ මෙම ප්‍රදර්ශනය සදහා සහභාගී විය. මෙමගින් කණ්ඩායම් පසුබිමක් තුළ ඔවුන්ගේ කුසලතා, ශිල්පීය ක්‍රම සහ දැනුම වැඩිදියුණු කිරීමට සහභාගීවන්නන් හට අවස්ථාව සලසා දී ඇත.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ අනුමැතිය සහ ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් නිශාන්ත තිලකසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ගුවන් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සේවා නිළධාරීන් 23 දෙනෙකුගෙන් සමන්විත ගුවන් හමුදා ආහාර පාන හා භෝජන සංග්‍රහ කණ්ඩායම සහභාගී විය. පළතුරු සහ එළවළු කැටයම්, අයිස් කැටයම්, මොක්ටේල් තරඟය, කොක්ටේල් තරඟය, බියර් කොක්ටේල් තරඟය, අතුරුපස තරඟය, මුහුදු ආහාර සහ ඉවුම් පිහුම් විවෘත තරඟ ඇතුළු ඉසව් ගනනාවක් මෙම ප්‍රදර්ශනයට ඇතුලත්විය. කණ්ඩායමේ සුවිශේෂී දස්කම් නිසා රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 13ක් සහ ලෝකඩ පදක්කම් 12ක් ඇතුළුව පදක්කම් 27ක් දිනා ගැනීමට හැකි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.