අංක 20 වන මූලික ගුවන් බර අධීක්ෂණ නිළධාරී පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය

අංක 20 වන මූලික ගුවන් බර අධීක්ෂණ නිළධාරී පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය 2023 ජුනි 15 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 01 සැපයුම් හා නඩත්තු පක්ෂාංග පරිශ්‍රෙය්දී පැවැත්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සැපයුම් අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් ආර්.එන්.තිලකසිංහ මහතා සහභාගී විය.

මෙම උත්සවයේදී නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයින් 5 දෙනෙකුගෙන් සමන්විත අභ්‍යාසලාභීන් 15 දෙනෙකු සදහා සහතිකපත් ප්‍රදානය කරන ලද අතර පුහුණු පාඨමාලාව 2023 අප්‍රේල් 17 සිට ජූනි 15 දක්වා පවත්වන ලදී.

අභ්‍යාසලාභීන් අතරින් ස්කොඩ්‍රන් ලීඩර් ඩබ්ලිව්.ටී.යු ප්‍රනාන්දු පාඨමාලාවේ ප්‍රථම ස්ථානය ලබා ගත් අතර ෆ්ලයිට් ලෙෆ්ටිනනට් ආර්.එම්.කේ සඳරුවන් සහ ස්කොඩ්‍රන් ලීඩර් ආර්.පී.එස්.සිල්වා පිළිවෙලින් දෙවන සහ තෙවන ස්ථාන ලබා ගනිමින් සහතිකපත් ලබා ගන්නා ලදී.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.