අන්තර් ඒකක ප්‍රායෝගික වෙඩිතැබීමේ තරගාවලිය 2023

අන්තර් ඒකක ප්‍රායෝගික වෙඩිතැබීමේ තරගාවලිය 2023 ජුනි 12 සිට 15 වන දින දක්වා පවත්වන ලද අතර, සම්මාන ප්‍රදානෝත්සවය නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ආර්.එස්. බියන්විල මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර කඳවුරේ පිහිටි ගුවන් හමුදා වෙඩි පිටියේදී පවත්වන ලදී.

මොරවැව ගුවන් හමුදා කඳවුර පිරිමි අංශයේ ශූරතාව දිනාගත් අතර, කාන්තා අංශයේ ශූරතාව අම්පාර ගුවන් හමුදා කඳවුර හිමිකරගන්නා ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල සහ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසල පිරිමි අංශයේ ප්‍රථම සහ දෙවන අනුශූරතාවයට හිමිකම් කියන අතර කාන්තා අංශයේ ප්‍රථම සහ දෙවන අනුශූරතාවය පිළිවෙලින් ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය චීන වරාය  සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර විසින් හිමිකරගන්නා ලදී.

තවද, ශූරතාවලියේ දක්ෂතම පිරිමි තුන් ඉරියව් වෙඩික්කරුවාට හිමි සම්මානය පලාලි ගුවන් හමුදා කඳවුරේ බළපංති සැරයන් සෙනෙවිරත්න කේ.එන්.එල් සතු වූ අතර කාන්තා අංශයේ දක්ෂතම තුන් ඉරියව් වෙඩික්කරු ලෙස කොළඹ ගුවන් හමුදා කඳවුරේ කෝප්‍රල් ඉන්දීවරී ඩී.ඒ.ඒ. විසින් සම්මාන හිමිකරගන්නා ලදී. මෙම ශූරතාවලියේ දක්ෂතම තුන් ඉරියව් නිලධාරියා ලෙස මොරවැව ගුවන් හමුදා කඳවුරේ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඩී.එම්.සී.ඒ.කේ.බණ්ඩාරනායක විසින් සම්මාන හිමිකර ගන්නා ලදී.

ප්රතිඵල සාරාංශය

කාන්තා කාණ්ඩයේ දක්ෂතම තුන් ඉරියව් වෙඩික්කරු
කෝප්‍රල් ඉන්දීවරි ඩී.ඒ.ඒ.- කොළඹ ගුවන් හමුදා කඳවුර

පිරිමි කාණ්ඩයේ දක්ෂතම තුන් ඉරියව් වෙඩික්කරු

බළපංති සැරයන් සෙනෙවිරත්න කේ.එන්.එල් - පලාලි ගුවන් හමුදා කඳවුර

නිලධාරීන්ගේ දක්ෂතම තුන් ඉරියව් වෙඩික්කරු
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඩී.එම්.සී.ඒ.කේ බණ්ඩාරනායක - මොරවැව ගුවන් හමුදා කඳවුර

සමස්ත දක්ෂතම කාන්තා කණ්ඩායම – අම්පාර ගුවන් හමුදා කඳවුර

කණ්ඩායම් සාමාජිකයින්

ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් එම්ටීඒ ද සිල්වා
කෝප්‍රල් මදුවන්ති ඩබ්ලිව්.ඒ.ඒ
කෝප්‍රල් චන්ද්‍රසේන ආර්.පී.එල්
නායක ගුවන් කාන්තා ජයවීර ඩී.එච්.ජී.එස්.එස්
නායක ගුවන් කාන්තා වන රත්නායක පී.එම්.සී.කේ
නායක ගුවන් කාන්තා රණසිංහ ඒ.එම්.එන්.පී

සමස්ත දක්ෂතම පිරිමි කණ්ඩායම - මොරවැව ගුවන් හමුදා කඳවුර
 
කණ්ඩායම් සාමාජිකයින්
ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් ඩී.එම්.සී.ඒ.කේ බණ්ඩාරනායක
බළපංති සැරයන් වික්‍රමසිංහ එම්.ඒ.පී.ආර්
බළපංති සැරයන් රණසිංහ ඩබ්ලිව්.ඒ.ඩී
සැරයන් බෙසිල් ජී.ආර්
සැරයන් ලියනගේ ටී.එල්.එස්.ටී
නායක ගුවන් භට මධුශංක එල්.බී.බී

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.