සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනා කිරීමේ උත්සවය පවත්වනු ලබයි

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන්ගේ ගේ උපදෙස් මත  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව වාර්ෂික සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය 2023 ජුනි 16 වන දින ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේදී  පවත්වන ලදී.

අධ්‍යක්‍ෂ ජනරාල් සුබසාධන  එයාර් වයිස් මාර්ෂල් සුහර්ෂි ප්‍රනාන්දු මහතාගේ අධීක්‍ෂණය යටතේ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ප්‍රසන්න මාටිනෝ නිළධාරීතුමන්ගේ සම්බන්ධීකරණයෙන් මියගිය සහ ආබාධිත රණවිරුවන්වන්, ඔවුන්ගේ  පවුලේ සාමාජිකයන්, ගුවන් හමුදාවේ සේවයේ නියුතු පුද්ගලයින් සහ මුළු ජාතියටම ආශිර්වාද කිරීම සඳහා මෙම පින්කම සංවිධානය කරන ලදී.

උත්සවය ආරම්භ වීමට පෙර, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මැතිතුමන් විසින් කරඩුව  වෘත්තීය පුහුණු පාසලේ ගුවන් භට භෝජනාගාරය වෙත අලංකාර පෙරහැරකින් රැගෙන එනු ලැබූ අතර එය පිරිත් මණ්ඩපයේ තැන්පත් කරන ලදී.

මෙම පිංකම සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය, ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාඡිකයින්, ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිලධාරී තුමන්  වෘර්ථීය පුහුණු පාසලේ සියලුම නිලධාරීන්, සෙසු නිලයන් සහ විශේෂයෙන් මියගිය රණවිරුවන්ගේ ආදරණීය පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාවට සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.