ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් නිවාස ප්‍රදානය කිරීමේ උත්සවයක් පවත්වනු ලබයි

ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ආරම්භ කරන ලද "ගුවන් මනුදම්" නිවාස ව්‍යාපෘතිය 2009 වසරෙන් පසු මියගිය සේවා සාමාජිකයින්ගේ ප්‍රතිලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම මෙහි ප්‍රධානතම අරමුණු වේ. මෙම ප්‍රයත්නයේ කොටසක් ලෙස 2010 අප්‍රේල් 21 වැනි දින අවාසනාවන්ත ලෙස මියගිය කෝප්‍රල් ජිනදාස බී.කේ.සී.පී.යන අය වෙනුවෙන් නව නිවසක් ඉදිකර 2023 ජුනි 19 මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේ දී එම පවුලේ සාමාඡිකයින් වෙත සේවා වනිතා ඒකකයේ සභාපතිණි චාමිණි පතිරණ මහත්මියගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.

මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සපයනු ලැබුවේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වන අතර, ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා රත්මලාන කඳවුරේ දක්ෂ කණ්ඩායම විසින් සිදු කරන ලදී. සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් උදුල විජේසිංහ මහතාගේ උපදෙස් මත සහ රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් අමල් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ සමස්ථ ව්‍යාපෘතිය සාර්ථකව නිම කරන ලදී.

මෙම උත්සවය සඳහා රත්මලාන ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී, ගුවන් හමුදා රත්මලාන කඳවුරේ සේවා වනිතා ඒකකයේ සභාපති, ශර්මිලා සමරනායක මහත්මිය, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් විංග් කමාන්ඩර් සුරේෂ් ප්‍රනාන්දු, සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩලය, රත්මලාන ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.