ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්ෂාංගය (AFCW) 14 වන සංවත්සරය සමරනු ලබයි

ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්‍ෂාංගය සිය 14 වැනි සංවත්සරය 2023 ජූනි 20 වන දින සමරන ලද අතර එය ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්‍ෂාංගයේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එල්පීඩී අනුරසිරි නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති චාරිත්‍රානුකූල වැඩ පෙළපාලියකින් ආරම්භ කෙරුණි.අනතුරුව මෙම පක්ෂාංගයේ සියලුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා ඉසව්වක්ද සංවිධානය කරන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා රත්මලාන කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමදෝරු ඩබ්ලිව්පීඒඑච් පෙරේරා මහතා සහභාගී විය.

සැමරුම් උත්සවයට සමගාමීව අනාථ දරුවන්ට සෙවණ දෙන වැල්ලවත්ත ශ්‍රී ජිනානන්ද ළමා නිවාසය ප්‍රතිසංස්කරණය කිරීම සහ රත්මලාන චකින්දාරාම විහාරස්ථානයේ අබලන් වූ වහලය ප්‍රතිසංස්කරණය කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්ෂාංගයේ නිළධාරීන් සහ සෙසු නිලයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
 

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.