ගුවන් යානා අමතර කොටස් මතුපිට පිලියම් කිරීමේ මධ්යනස්ථානයක් ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කෙරේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කදවුරේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද ගුවන් යානා අමතර කොටස් මතුපිට පිලියම් කිරීමේ මධ්‍යස්ථානයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් 2023 ජූනි මස 20 වන දින විවෘත කරන ලදි.

මෙමගින් F-7 සහ K-8 ගුවන් යානා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේදී අමතර කොටස් මතුපිට පිලියම් කිරීමට පහසුකම් සැලසීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.  චීනයේ  ගුවන් තාක්ෂණ ආනයන හා අපනයන සංස්ථාවේ විශේෂඥ කණ්ඩායමකගේ අධීක්ෂණය යටතේ  උපකරණ සවිකිරීම්  සිදු කරන ලදී.
 
මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප්රෙධානී, නියෝජ්යය මාණ්ඩලික ප්රපධානී, ගුවන් හමුදා අධ්යකක්ෂක මණ්ඩලයේ සාමාජිකයින්, කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් යානා පිරිවැඩියා පක්ෂාංග අණදෙන නිලධාරී තුමන් මෙන්ම චීනයේ ජාතික ගුවන් තාක්ෂණ ආනයන හා අපනයන නියෝජිතයින් පිරිසක් ද  සහභාගී විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.