ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තිය පුහුණු පාසල විසින් ප්‍රජා සේවා ව්‍යාපෘතියක් පවත්වයි

ගුවන් හමුදා ඒකල වෘත්තිය පුහුණු පාසලේ අණදෙන නිළධාරී එයාර් කොමඩොර් ප්‍රසංක මාටිනෝ නිළධාරීතුමන්ගේ මගපෙන්වීම යටතේ වෘත්තිය පුහුණු පාසලේ සේවා වනිතා ඒකකය විසින් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය (වාට්ටුව 25/26)පිළිසකර කිරිමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් 2023 ජූනි 19 සිට ජූනි 22 දක්වා දින හතරක් පුරා පවත්වන ලදී. මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ හිතකර වාතාවරණයක් සහ රෝගීන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමයි.

ඒකල ගුවන් හමුදා වෘත්තිය පුහුණු පාසලේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී යසින්තා මාර්ටිනෝ මහත්මිය, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගි විය.

ආඩම්බරයෙන්, ශක්තියෙන් සහ නොසැලෙන කැපවීමෙන් ජාතියට සේවය කිරීම. අපගේ අහසේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට සහ ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානමින් සිටී.

විමසන්න

අපගේ වෙබ් අඩවියේ හොඳම අත්දැකීම ඔබට ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම වෙබ් අඩවිය විවිධ දත්ත භාවිතා කරයි. සවිස්තරාත්මක විස්තර සඳහා, අපගේ රහස්‍යතා ප්‍රතිපත්ති පිටුවට පිවිසෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.